උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක දෙවන ටෙස්ට් තරගය අද


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ  තරග 1ට 0ක් ලෙස මේ වනවිට ඉදිරියෙන් පසුවන්නේ දකුණු අප්‍රිකාවයි.

තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමටනම් ශ්‍රී ලංකාව  අනිවාර්යෙන්ම මෙම තරගය ජයගත යුතු වනවා.

ඉනිමක සහ ලකුණු 45ක ජයක් අතැතිව දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවනවා.

මේ අතර තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් 05 දෙනෙකුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

පළමු ටෙස්ට් ක්‍රිිකට් තරඟයේ දී අබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට සති දෙකක් යනතුරු ක්‍රීඩා කළ නොහැකි බවයි තහවුරු වී ඇත්තේ.

ඊට අමතරව සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින්ටද දෙවන ටෙස්ට් තරඟයට සහභාගිවීම තවමත් අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

 තරගය ජොහැනස්බර්ග්හිදි පැවැත්වීමට නියමිතයි.