උණුසුම් පුවත්

ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට


 LPL තරඟාවලියේ අවසන් තරඟයෙන් ලකුණු 53ක ජයක් ලැබීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඊයේ රාත්‍රී 7ට හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ මෙම තරඟාවලියේදී කාසියේ වාසිය හිමිකරගෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20  දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 135කි.