උණුසුම් පුවත්

ලංකා ප්‍රිමියර් ලීග් අවසන් තරඟය අද


පසුගිය නොවැම්බර් 26 වනදා ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරඟය අද පැවැත්වෙනවා.

ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිත අවසන් තරඟාවලියට සුදුසුකම් ලැබුවේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

ගෝල් කණ්ඩායම භාණුක රාජපක්ෂ විසින් මෙහෙයවන අතර තිසර පෙරේරා ජැෆ්නා කණ්ඩායමට නායකත්වය දෙනු ඇති.