උණුසුම් පුවත්

මහේල, පුහුණුකාර ධූරය ප්‍රතික්ෂේප කරයි


ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකාරධූරය භාර ගැනීමට තමා සූදානම් නොමැති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු සහ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

වෘත්තීමය නොවන ක්‍රියාපටිපාටියක් පවතින ස්ථානයකට සම්බන්ධ වීමට තමාට අවශ්‍ය නොමැති බවයි ඔහු සදහන් කර ඇත්තේ.

මෙරට ජාතික  පුවත්පතක් වෙත අදහස් දක්වමින් මහේල ජයවර්ධන මෙම අදහස් පල කළා.

මේ වන විට ඔහු පුහුණුකාරීත්වය දරන මුම්බායි කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේ ද අවසන් තරගය සදහා සුදුසුකම් ලබා සිටිනවා.