උණුසුම් පුවත්

ගෝල් ග්ලැඩියේටර්ස් හි නායක සයිඩ් සියරට බලා පිටත්වෙයි


පෞද්ගලික කරුණක් හේතුවෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක සයිඞ් අෆ්රිඩි සියරට බලා යාමට තීරණය කර තිබෙනවා’

ඔහුගේ මෙම තීරණයත් සමග ලංකා ප්‍රිිමියර් ලීග් තරඟාවලියේ සෙසු තරඟ ඔහුට අහිමි වනු ඇති’

අෆ්රිඩි සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ අතීශය පෞද්ගලික හේතුවක් මත තමන්ට නිවස බලා යාමට සිදුව ඇති බවයි

තමන් මුහුණ දී ඇති හදිසි තත්වය පාලනය කරගත් වහාම එල් පී එල් කණ්ඩායමට නැවත එක්වන බවටද ඔහු නිකුත් කල ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ඔහුගේ දියණිය කලක සිට ලියුකේමියා රෝගී තත්වයෙන් මේ වනවිට පෙලෙමින් සිටින බවයි.

මේ අතර එල් පී එල් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා.

ඉන් එක් තරඟයක් පැවැත්වෙන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතරයි.

අනිත් තරඟය රාත්‍රී අටට දඹුල්ල ලයන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිතයි.