උණුසුම් පුවත්

එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් සංචිතය


එංගලන්තය සමග පැවැත්වෙන ටෙස් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එම සංචිතයට නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක‍්‍රීඩකයන් විසි දෙදෙනෙකු ඇතුළත්.

පසුගිය දකුණු අප‍්‍රිකානු සංචාරයේදී දක්‍ෂතා දැක්වීමට අපොහොසත් වු කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

තරග දෙකකින් සමන්විත එංගලන්ත ශ‍්‍රී ලංකා ටෙස් තරගාවලියේ ප‍්‍රථම තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.