උණුසුම් පුවත්

අයිපීඑල් තරඟාවලියේ ශූරයන් බවට පත්වන්නට මුම්බායි ඉන්දියන් සමත්වෙයි


පුරා මාස එකහමාරකට අධික කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 13 වැනි අයි පී එල්  තරඟාවලියේ ශූරයින් බවට පත්වන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
 
ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන අයි පී එල් තරගාවලියේ මෙවර අවසන් සටනට පිවිසුනේ තරඟ ඉතිහාසයේ සාර්ථක කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් සහ මුල්වරට අවසන් තරඟයට එක්වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.
 
රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් සිව්වරක් අයි පී එල්  කුසලානයේ පහස විඳගත් මුම්බායි කණ්ඩායම අවසන් සටනට එක් වූයේ දැඩි ආත්මශක්තියෙන් යුතුවයි.
 
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙම තරඟයට පිවිසුනේ මෙවර තරඟාවලියේ ලාබාලතම නායකයා වන ශ්‍රියාස් අයියර් පෙරටු කර ගනිමින්.
 
අවසන් මහා තරඟය මුම්බායි කණ්ඩායම කඩුලු 05කින් ජය ගැනීමට සමත් වුණා.
 
මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා
කෙසේ වෙතත් නියමිත පනුදුවාර 20 අවසානයේ දිල්ලි කැපිටල්ස් කණඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුළු 07 ක් දැවී ලකුණු 156  ක් පමණයි.
 
නායක ශ්‍රියාස් අයියර් නොදැවී ලකුනු 65 යි.
 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුම්බායා කණුඩයමේ ටේ‍රන්ට් බෝල්ට් කබුළු 03 ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රිඪා කල මුම්බායා ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 04 ක් අවසානයේ කඩුළු 05 ක් පමනක් දැවී සිය ජය තහවුරු කලා.
 
නායක රොහිත් ශර්මා ලකුණු 68 ක් රැස් කලේ 06 පහර 04 ක් සහ 04 රේ පහර 05 ක් සමගින්.
මෙරටින් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනගේ පුහුනු කාරිත්වයෙන් මෙවරත් මුම්බායා ඉන්දියන්ස් කණුඩායමට  05 වැනි වරටත් අයි පී එල් කිරුළ දිනා ගැනීමට හැකි වීම විශේෂත්වයක් වනවා.