උණුසුම් පුවත්

සුව වූ කොවිඩ් ආසාදිතයින්ට මාරාන්තික කළු පුස් රෝගයක්


කොරෝනා වසංගතය හමුවේ දරුණු පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතර දුර්ලභ මෙන්ම මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම කළු පුස් ආසාදනය කණ, නාසය සහ උගුර ආශ්‍රිතව හට ගෙන ඇස් සහ මොළය දක්වාම පැතිර යා හැක.

මෙලෙස කොරෝනා ආසාදිතව සිට කළු පුස් රෝගයට ගොදුරු වූ 25 හැවිරිදි තරුණියකගේ දිවි බේරා ගැනීම සඳහා ඇයගේ ඇසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බව වැඩි දුරටත් සඳහන්.

මේ වන විට ඉකුත් දින 15 තුළ මෙම කළු පුස් රෝගයට ගොදුරු වූ සුව වූ කොරෝනා ආසාදිතයින් 12ක් හඳුනාගෙන තිබේ.

මෙමගින් 50‍% ක් මරණයට පත් වීමේ අවදානමක්ද පවතින බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.