උණුසුම් පුවත්

මුහුදු සුළං සමග ඉන්දියාවට ගසා ගෙන ගිය ධීවරයා


යාපනය වඩමාරච්චි වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවරයෙකු උතුරු මුහුදේදී මසුන් අල්ලමින් සිටියදී අතුරුදහන්ව ඇති බවට එම ධීවරයාගේ ඥාතීන් විසින් වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණිළි කොට ඇත.

උතුරු මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් අදාල ධීවරයාගේ යාත්‍රාව 24 වනදා මුහුදේ අතරමංව තමිල්නාඩු දෙසට ගසාගෙන ගොස් තිබියදී තමිල්නාඩු වෙරළාරක්ෂක නිලධාරීන් වෙතට හමු වී ඇති බවට ද වාර්ථා වෙයි.

කෙසේ වෙතත් අදාල ධීවරයා වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විජයමූර්ති කලෙයිචෙල්වන් නැමත්තෙකු වන අතර ධීවරයා මෙරටට ගෙනවා දෙන ලෙසට ද ධීවරයාගේ ඥාතීන් විසින් ඉල්ලා සිටිති.

මේ දිනවල උතුරු මුහුදේ පවතින සුලිකුණාටු තත්වයන් හේතුවෙන් මුහුදු ගමන් යාමෙන් වලකින්න ලෙසටද උතුරු ධීවරයින්ට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවාද ඇත.