උණුසුම් පුවත්

පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5ක් ඇප මත මුදා හැරේ


රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා අද ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන් මුදා හැරුණු අතර පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.