පලා ගිය ආසාදිතයා පැල්පිටියෙන් සොයාගනී
පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය ආසාදිතයා අද (20) ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය පවසයි.
2021.01.13 වන දින පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකළ පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී තිබේ.
ඒ අනුව 2021.01.17 වන දින ඔහු වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබුණි.
ඉන් පසුව ඊයේ රාත්‍රියේ 7.30ට පමණ මේ පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බව වාර්තා වේ.
ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක්.
ඔහුගේ ස්ථීර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ. 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමති මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වේ.