උණුසුම් පුවත්

තවත් වන අලියෙක් වෙඩි තබා ඝාතනය කරයි


වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව වන්දම දෙමලිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කල වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

දෙමලිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී මෙම මල සිරුර සොයාගෙන ඇති අතර වනඅලියාගේ හිසට මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවට අනාවරණය වී ඇත.

වයස අවුරුදු විස්සක් පමන වන වනඅලියෙකු මෙලෙස මියගොස් ඇති අතර වනඅලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය (12) සිදු කිරීමට නියමිතව තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.