කොරෝනා එන්නත සියයට පනහකට නොමිලේ
ලබන මස අගදී මෙරට මිලියන 11කට කොරෝනා එන්නත ලබා දෙන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ ය.
ඒ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.
එන්නත්කරණයේදී 50% කට එය නොමිලේ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේය.
ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට එන්නත් 4 ක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවය.