උණුසුම් පුවත්

උතුරේ හර්තාල් - ජන ජීවිතයට බාධා


යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා අද (11) උතුරු පලාත පුරා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම හර්තාලය සංවිධානය කර ඇත.

මේ අනුව උතුරේ, වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි වෙළඳසැල් සියල්ලක්ම වසා වෙළෙඳ සංගම් විසින් හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබා දී තිබුණි.

(වන්නි රොමේෂ්)