උණුසුම් පුවත්

අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ට හමුදා පුහුණුව


වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඔවුන් එමගින් යහපත් ප්‍රථිපල අත්පත් කර ගන්නා බවයි.

හමුදා පුහුණුවක් මගින් ජනතාව නීතිගරුක වන බවත් එම යෝජනාව සිදු කලේ රටේම යහපතට බැවින් පුහුණුවට කවුරුත් බියක් ඇතිකර නොගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.