උණුසුම් පුවත්

UNP සභාපති තනතුර වජිර අබේවර්ධනට


අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත් කර ඇති අතර සහකාර නායක ලෙස හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කොට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා තේරී පත්ව තිබේ.