උණුසුම් පුවත්

හිටපු අමාත්‍ය රාජිතට එරෙහිව අධිචෝදනා


මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට අද (18) අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

ඒ කොළඹ මහාධිකරණය හමුවේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ එම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් වෙත භාර දී තිබෙන ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳව සලකා බැලීම සඳහා නඩුව අප්‍රේල් මස 22 ද කැඳවන ලෙස නියම කළේය.