උණුසුම් පුවත්

සහරාන්ගේ බිරිඳ ඇතුළු 06 ක් තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන  27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද ( 13 ) නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා, අසරුඩීන් මොහොමඩ්  ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම් අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් යන අයවළුන් වෙති.
 
මහේස්ත්‍රාත් වරයා එම නියෝගය සිදු කළේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරීක්ෂණය  කිරීමෙන් අනතුරුවය. 

ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා යන සැකකාරිය කොවිඩ් 19 වෛරස ආසාදනය වී මේ වනවිට බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.