උණුසුම් පුවත්

වැලිකඩ රැඳවියෝ වහලට නගිති


නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් වහල මත නැගී විරෝධතාවයක නිරත වනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ, රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසී ය.