උණුසුම් පුවත්

වරායේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක්


වරායේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ වරාය සේවකයින් 60කට අධික සංඛ්‍යාවක් මේ වන විට කොවිඞ් 19 වෛරසයට ගොදුරුව ඇති අතර තවත් 200කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.

මේ හේතුවෙන් වරාය කටයුතු වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි එහි සභාපතිවරයා කියා සිටියේ.