උණුසුම් පුවත්

රට විවෘත කිරීමේ හැකියාව ගැන කියන කතාව


සංචරණ සීමාවන්ට යටත්ව ඔබ නිවසේම රැඳී සිටියහොත් ලබන 14 වැනිදායින් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඒ හේතුවෙන් නිරෝධායන රීති ආරක්ෂා කරමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.