උණුසුම් පුවත්

රට ආරක්ෂා කරන බව පවසා රට විනාශ කරනවා


රට ආරක්ෂා කරන බව පවසා භාර ගත් කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇද දමමින් සිටින බව ප්‍රකාශ කිරීමට ලැබීම වේදනාකාරී දෙයක් යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (02) පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය. දියුණුව යනු රටේ ඇති සම්පත් විකුණා දැමීම නොවන බවත් විවිධ රටවල්වලට අපේ භූමිය පුජා කිරීමට ඉදිරිපත් නොවෙන ලෙසත් මැල්කම් රංජිත් හිමියන් මෙහිදී සඳහන් කලේය. MCC ගිවිසුමට එරෙහි වුණු මෙම ආණ්ඩුවේ දේශපාලකයින් එයට වඩා විනාශකාරී දෙයකට රට ඇද දමමින් සිටින බවත් අගරදගුරු හිමියන් පවසයි. එමෙන්ම කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමකට ලක් වූ එක්ප්‍රස් පර්ල් නෞකාව හරහා සිදුවන විනාශයට එරෙහිව ධීවර ජනතාවට නැගී සිටින ලෙසද උන්වහන්සේ පවසා තිබේ.