උණුසුම් පුවත්

යාපනය සරසවි වෛද්‍ය සිසුවෙක් සියදිවි හානිකර ගිනියි


යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවෙකු ඊයේ (17) රාත්‍රියේ සියදිවි හානිකොට ගෙන ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ ඊ.සිදම්බරනාදන් නැමති සරසිවි සිසුවා කෝපායි පොලිස් වසමේ පිහිටි තුන්නාලෙයි ප්‍රදේශයේ නිවසක් තුලදී මෙලෙස සියදිවි හානිකොට ගෙන සිටියදී මළ සිරුර හමු වී තිබෙනවා.

සිසුවා මෙලෙසින් සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර කිසියම් සිත්තැවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකොට ඇති බවට පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසියි සැක පල කර සිටියි.

(වන්නි  රෝමේෂ්)