උණුසුම් පුවත්

යාපනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ නව ස්මාරකයට මුල් ගල් තැබේ


යාපනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ අලූතින් ස්මාරකයක් ඉදි කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ, පසුගිය යුද සමයේ මිය ගිය පුද්ගලයන් සිහි කිරීමේ අරමුණින්.

අදාළ ස්මාරකයේ ඉදිකිරීම් කටයුතු අද යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති එස්. ශ‍්‍රී සත්ගුණරාජා සහ එම විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.

යාපනය දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන් ප‍්‍රකාශ කළේ නව ස්මාරකය සදහා මුල්ගල තැබීම උපකුලපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවූ බවයි.

ඒ සමගම යාපනය සරසවි සිසුන් කිහිප දෙනෙකු විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය ද අවසන් වූ බවයි ඔහු කියා සිටියේ.

ඔවුන් මෙම උපවාසය ආරම්භ කර තිබුණේ විශ්වවිද්‍යාල පරීශ‍්‍රයේ ස්ථාපනය කර තිබූ වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුම් ස්මාරකය කඩා දැමීමේ සිද්ධිය මුල් කරගනිමින්.