උණුසුම් පුවත්

මන්ත්‍රී රංජන්ට සිව් වසරක සිර දඬුවමක්


විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබු තිබේ.

 ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුවයි.