උණුසුම් පුවත්

බංග්ලාදේශය - කඩුලු 2 ට 302 යි


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියේය.

නජ්මුල් හොසේන් නොදැවී ලකුණු 126 ක් ලබා සිටි අතර නායක මොමිනුල් හක් ලකුණු 64 ක් ලබා නොදැවී සිටියේය. 

බිඳ වැටුණු කඩුලු දෙකම විශ්ව ප්‍රනාන්දු (61/2) සතුවිය.