උණුසුම් පුවත්

දේවි බාලිකාව සතු ඉඩමක් මංකොල්ල කෑමේ සූදානමක්


කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශය එම විදුහල් ස්ථානයෙන් ඉවත්කර නුගේගොඩ ශ්‍රී විජේරාම මහා විද්‍යාල පරිශ්‍රය වෙත කඩිමුඩියේ ගෙනයාමට කිහිපදෙනෙකු විසින් දරණ  අත්තනෝමතික උත්සහයට දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය විරෝධය පල කරයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් එම සංවිධානයේ සභාපතිනී නීතිඥ ආචාර්ය දයානි පනාගොඩ සඳහන් කළේ කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ සැලසුමකින් තොරව ව්‍යාජ ඒකාබද්ධ කිරීම තුලින් කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති දේවි බාලිකා විද්‍යාලයේ වටිනා ඉඩම කිසියම් පිරිසක් විසින් අත්පත් කර ගැනීමට උත්සහ කරන බවයි.

මේ ඊට අදාළ නිවේදනයයි....