උණුසුම් පුවත්

අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි


රාමඤ්ඤ නිකායේ  මහ නායක අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වූ උන්වහන්සේ 98 වන වියේ පසු වුණා.
 
නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ නිකායේ මහනායක ධූරයට පත් වූයේ 2012 සැප්තැම්බර් 03 වනදාය.
 
මහනුවර මැණික්හින්න හූරිකඩුව විද්‍යා සාගර පිරිවෙනේ විහාරාධිපති හිමියන් ලෙස වැඩ විසූ උන්වන්සේ මීට පෙර රාමඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝ නායක ධූරය හොබවනු ලැබීය.