උණුසුම් පුවත්

පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක්


ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබෙනවා.
 
පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා වසර 2500ක් පමණ පැරණි බවයි.
 
ඉතා හොඳින් මුද්‍රා තබා තිබූ පෙට්ටි වල සංකීර්ණ තීන්ත මෝස්තර හොඳින් ආරක්ෂා වී ඇති බවද ඔවුහු පෙන්වා දෙන්නේ.

රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සමග සිරුරු මිහිදන් කර තිබූ බව ද ඔවුහු පවසති. 

සිරුරේ හැඩයටම සකස් කරන ලද දැවමය පෙට්ටිවල සිරුරු සුරක්ෂිත කර තිබෙනවා.