උණුසුම් පුවත්

බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් ගණන 300 ඉක්මවයි


මෙරට බන්ධනාගාර පරිශ්‍රවලින් අද වනවිට 300 කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වනවා

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ වන විට කොවිඞ් 19 ආසාදිතයන් 329 ක් දක්වා ඉහළගොස් ඇති බවයි.

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 88 ක්, බුස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයින් 48 ක්, කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයින් 14 දෙනෙකුද හදුනා ගැණුනු පිරිසට අයත් වනවා.

කොරෝනා ආසාදිතයින් අතර බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙක්ද ඒ අතර වන බවයි බන්දනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර කන්දකාඩු, ගල්ලෑල්ල සහ වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානවල රැදවියන් ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.