උණුසුම් පුවත්

නාසා ස්පේස්එක්ස් : ගගනගාමීන් පිරිස කක්ෂයට


ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙතින් නික්මුණු ගගනගාමීන් සිව්දෙනෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන මෙහෙයුමක යෙදෙති.

ඔවුන්ගෙන් තිදෙනෙකු එක්සත් ජනපදයෙන් වන අනෙක් ගගනගාමියා ජපාන ජාතිකයෙකි.

ස්පේස්එක්ස් සමාගම සපයන ලද රොකට්ටුවක් සහ කැප්සියුලයකින් අදාළ කණ්ඩායම කක්ෂගත විණි.

එම සමාගම විසින් සේවා සපයන ලද දෙවෙනි අවස්ථාව මෙය වේ.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන 'නාසා' පවසා ඇත්තේ වාණිජ සැපයුම්කරුවන්ගේ සහයෙන් ගගනගාමීන් පහළ පෘථිවි කක්ෂය කරා නිතර ගමන් කරන නව යුගයකට දැන් පිවිසෙමින් සිටින බවය.