උණුසුම් පුවත්

දීපවාලී උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සමරන්නැයි ඉල්ලීමක්


දීපවාලි උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සමරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා

එම අමාත්‍යාංශය සඳහන් කළේ, වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඞ් වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් දීපවාලි උත්සවය සැමරිය යුතු බවයි.

කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් සෙසු පළාත්වලට සිදු කරන සංචරණ සීමා කරන්නැයි ද, සෞඛ්‍යය අමාත්‍යාංශය දැනුම් දෙයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ , ප්‍රකාශිත සෞඛ්‍යය උපදෙස්වලට දැඩිව අනුගත වෙමින් සියලුරෑ දෙනා ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි.