උණුසුම් පුවත්

දිමුත් 11 වෙනි ටෙස්ට් ශතකය වාර්තා කරයි


නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය වාර්තා කිරීමට අද සමත් විය. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි. තරගයේ සිවුවන දිනය අද වන අතර පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලූ 03ක් දැවී ලකුණු 331 ක් ලබා සිටියේය. ඒ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 541ට පිළිතුරු වශයෙන්. නොදැවී පන්දුවට පහරදෙන නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 139 ක් ලබා සිටියි. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 74 යි. ලහිරු තිරිමාන්න ලකුණු 58ක් රැස්කළ අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 20කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් රැස් කළේ ලකුණු 25ක් පමණයි.