උණුසුම් පුවත්

කොවිඩ් වැළදීමෙන් විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් 98 දෙනෙකු ජීවිතක්ෂයට


කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
 
ඔවුන් අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලින් බවයි විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.
 
ඒ අනුව සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකුද,  කුවෙට්හි දී 21 දෙනෙකුද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ද, කටාර්හිදී 6 දෙනෙකුද , බි්‍රතාන්‍යයේ දී 5 දෙනෙකු ද මෙලෙස මියගොස් තිබෙනවා.
 
අමෙරිකාවේදී සහ කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා බැගින්ද , බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවලදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින්ද කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.