උණුසුම් පුවත්

අවම බස් ගාස්තුව ඉහළ නංවයි


කොවිඞ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද සිට ක්‍රීයාත්මක වන පරිදි  බස් ගාස්තු ඉහල නංවා තිබෙනවා

ඒ අනුව සාමාන්‍ය ගාස්තුව මෙන් 1යි දශම 2ක බස් ගාස්තු වැඩි කිරීමක් ලබාදෙන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා කියා සිටියේ. 

සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථවල රුපියල් 12ක් වූ අවම ප්‍රවාහන බස් ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 14ක් ලෙස ඉහල යනු ඇති.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතය සම්බන්ධයෙන්ද මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටද කටයුතු කල බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කලේ.