උණුසුම් පුවත්

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොවිඩ් නිසා මිය යයි


පළමු වන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා වන ෆැබ්රිසියෝ සොකෝර්සි කොවිඩ් වෛරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
 
ෆ්‍රැන්සිස් පාප්තුමා 2015 වර්ෂයේ දී සොකෝර්සි සිය ‍පෞද්ගලික වෛද්‍යවරයා ලෙස තෝරා ගෙන ඇත. 
 
මිය යන විට සාකෝර්සි 78 වැනි වියෙහි පසු විය.
 
"ඉතාලියේ අව්වෙන්යර්" පුවත්පතට අනුව සොකොර්සි පසුගිය දෙසැම්බර් 26 වන දින රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇත.