උණුසුම් පුවත්

ලොව විශාලතම ආර්ථික එකමුතුව පිහිටුවයි


ආසියා පැසිෆික් කලාපයේ රටවල් 15 ක් එක් වී ලොව විශාලතම ආර්ථික එකමුතුව ඊයේ පිහිටුවා ගනු ලැබුවා.

කලාපීය පරිපූර්ණ ආර්ථික සහයෝගීතාව ලෙස නම් කෙරුණු එම ආර්ථික එකමුතුව සඳහා අග්නිදිග ආසියාතික කලාපයේ රටවල් මෙන්ම දකුණු කොරියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල්ද ඇතුළත් වනවා

ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් මෙන්ම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට  29 ක් නියෝජනය කරන නව ආර්ථික එකමුතුව චීනයේ බලපෑම කලාපය තුළ තවදුරටත් පැතිරීමේ සාධකයක් ලෙස ඇතමුන් හඳුන්වනවා.

නව ආර්ථික එකමුතුව ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව ඇතිකරගත් එකඟතාව මෙන්ම යුරෝපා සංගමයට වඩා විශාල වීම විශේෂත්වයක්.

ආසියා පැසිෆික් කලාපයේ නව ආර්ථික බලමුළුව ගොඩනැගීම ආරම්භ වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අන්තර් පැසිෆික් සහයෝගීතා ගිවිසුමෙන් ඉවත්වීමත් සමඟයි.