උණුසුම් පුවත්

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයට පාර්ශව කිහිපයක සහාය


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත දෝෂාභියෝගයට තවත් පාර්ශව කිහිපයක සහාය ලැබී තිබේ.

එරට රිපබ්ලිකන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලිස් චෙනි අවධාරණය කර ඇත්තේ කොංග‍්‍රස් ගොඩනැගිල්ලට එල්ල වු ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් දෝෂාභියෝගයට සහාය පළ කරන බවයි.

අමෙරිකානු පාර්ලිමේන්තුව අද දිනයේදී ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඡන්ද වීමසීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ කොංග‍්‍රස් ගොඩනැගිල්ලට පහර දීම සඳහා විරෝධතාකරුවන් පෙළඹවීම සහ ඊට ආධාර අනුබල ලබා දීමේ චෝදනා යටතේයි.

මෙම දෝෂාභියෝගයත් සමග අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් වු දෙවැනි දෝෂාභියෝගය මෙය වනු ඇති.