උණුසුම් පුවත්

ඉරි වැටුන ඇඳුමින් සැරසුන කුඩා පිරිමි ළමයා


අතිශය සංවේදී ෆිල්ම් එකක් නිසා සංවේදී අය නොබල ඉන්න තරමට හොදයි.

ෆිල්ම් එක බලන හැමෝටම, මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත වශයෙන් අලු බවට පත්කරපු නාසි වධකදවුරැවල දුක් විඳලා පිච්චුන අසරණයන්ගේ සුසුම්වල විලාප හඬ ඇසේවි. චිමිනි වලින් එන පිළීගඳ දැනේවි. ඒ සිරකරුවන්ගෙ ජීවිතවල තිබුණ දුක්මුසු බව මොහොතකට පසක්වේවි..

දෙයක් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙන කාලෙ තමයි මිනිස්සු ජාති ආගම් විදිහට පිල් බෙදිලා මරාගන්නේ. කිසි දෙයක් නොතේරෙන කාලේ මිනිස්සු ඇත්තටම ආදරණීයයි.

" හිතලා බලන්න මේ ලෝකෙ ලස්සනම දවස ගැන, ඒ තමයි, මිනිස්සු මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කරන දවස"

අපි තාම ඉන්නෙ ඒ දවසට හුඟක් ඈතින්.

" දන්නවද අපිට යාළුවො වෙන්න බෑ. නියම කරල තියෙන්නෙ අපිට හතුරො වෙන්න. ඇත්තටම කවුද අපිට එහෙම කළේ ? "