උණුසුම් පුවත්

තරග මැද නිරාහාර වූ ක්‍රිකට් ක්‍රීඩකයින්


ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන්, රෂීඩ් ඛාන් සහ මුජිබ් රහමන් ඇතුළු SRH ක්‍රීඩකයින් කිහිප දෙනෙක් නිරාහාරව සිටින බව විදෙස් වාර්තා සදහන් කරයි.

රෂීඩ් ඛාන් හෙළි කළ පරිදි, SRH නායක ඩේවිඩ් වෝනර් සහ නවසීලන්ත නායක කේන් විලියම්සන් ද තම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ නිරාහාරව සිටියහ.

රෂීඩ් ඛාන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වෝර්නර් සහ විලියම්සන් සමග වීඩියෝවක් මගින් පවසන්නේ "අප සමඟ නිරාහාරව සිටියහ” යනුවෙනි.

වීඩියෝවේ රෂීඩ් පිතිකරුවන් දෙදෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්නා ලෙසයි. 

“හොඳයි, නමුත් මම ඉතා පිපාසයෙන් හා කුසගින්නෙන් සිටිමි, මගේ මුඛය වියළී තිබේ,” වෝනර් පැවසීය. 

අයිපීඑල් 2021 හි තවමත් පෙනී නොසිටි විලියම්සන්, “ඉතා හොඳයි, ස්තූතියි.” 

සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) 2021 ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) හි දුර්වල ආරම්භයක් ලබා ඇති අතර එහිදී ඔරේන්ජ් ආර්මි පිට පිට තරග 3 ක් පරාජයට පත්විය.

නමුත් එය ක්‍රීඩකයන් අතර ඇති බැඳීමට බලපා නැතැයි ද පැවසේ.

(Times of India)

අදාඵ වීඩියෝව පහතින් දැක්වේ.....